රතන හිමි දිවුරුම් දෙයි

0
33

නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස අතුරලියේ රතන හිමියෝ ඊයේ (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාම ලේඛණයේ අත්සන් තැබූහ.

පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රී ධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමියන්ගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන කෙරිණ.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රීක්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හත්වැනි පාර්ලිමේන්තුව ඳහා රතන හිමියෝ පාර්ලිමේන්තුව සඳහා තේරි පත්වූහ. 2015 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කළ රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට වේ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here