ලෝක ආගම් හා දර්ශන පීඨයේ ආචාර්ය උපාධිවල ප‍්‍රථම ස්ථානය ශ‍්‍රී ලංකාවට!

0
28

ජර්මනියේ බර්ලින්නුවර ශ‍්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ‍්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පිරිවෙන්හි අධිපති පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් ජර්මනියේ බර්ලින්නුවර ‘‘හුම්බෝල්ට්” ජාතික විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිව කරන ලද පර්යේෂණාත්මක ආචාර්ය උපාධි නිබන්ධනයට (ප‍්‍රථම පන්තියේ ගෞරව සමාර්ථයක්) (ප්ටබ් ජමප ක්මාැ) සහිතව උන්වහන්සේ වෙත ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.

මහනුවර තෙල්දෙණියේ රඹුක්වැල්ලේ පදිංචිව සිට දිසානායක මුදියන්සේලාගේ පුංචිබණ්ඩාර නිළමේතුමා (අභාවප‍්‍රාප්ත) හා කුලසේකර මුදියන්සේලාගේ පුංචිමහත්තයෝ යන දෙපළගේ කනිටු පුත් වූ මේ හිමියන් සිය මූලික අධ්‍යාපනය තෙල්දෙණිය දුම්බර මහා විද්‍යාලයෙන් ලබාගෙන පසුව උසස් අධ්‍යාපනය සඳහා ගම්පහ දොරණෑගොඩ ශ‍්‍රී සදානන්ද මහ පිරිවෙනට ඇතුළත් විය.

දොරණෑගොඩ ශ‍්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපතිව හා සදානන්ද පරිවෙනාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ සීනාදී සිවු කෝරළයේ විශේෂ අධිකරණ සමථබල සම්පන්න ප‍්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත අතිගරු රඹුක්වැල්ලේ ශ‍්‍රී බුද්ධරක්ෂිත ප‍්‍රඥාසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා සදානන්ද පිරිවෙන්හි අධ්‍යක්ෂකව වැඩ සිට අපවත්වී වදාළ කුරුකොහොගම ශ‍්‍රී බුද්ධරක්ෂිත ජිනානන්දාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1976 වර්ෂයේදී දොරණෑගොඩ ශ‍්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරස්ථ සදානන්ද මහ පරිවෙනස්ථානයේදී පැවිදි බිමට ඇතුළත් විය.

රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් 1984 වර්ෂයේදී අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් ඉදිරිපත්ව විශිෂ්ට ලෙස සමත්ව ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම ලකුණු (273) ක් ලබාගෙන විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබීය. කුරුකොහොගම ශ‍්‍රී බුද්ධරක්ෂිත ජිනානන්දාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1985 වර්ෂයේදී ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරයේදී උපසම්පදාව ලබාගත් මේ හිමියන් එම වර්ෂයේදීම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් එහිදී සිංහල, ජනසන්නිවේදනය හා බෞද්ධ දර්ශනය යන විෂත‍්‍රය හදාරා 1990 වර්ෂයේදී පැවති සාමාන්‍ය ශාස්ත‍්‍රවේදී උපාධි පරීක්ෂණයට පෙනී සිට කලාතුරකින් ලැබිය හැකි ප‍්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් ලෙස (ඨැබ්ර්ක ීමචැර ත්‍සරිඑ ක්‍ක්ිි) දිනා ගත්තේය. 1992 වර්ෂයේදී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධිය ලබාගත් උන්වහන්සේ එවකට බර්ලින් විහාරාධිපතිව වැඩ සිටි අචාර්ය වල්පොල ශ‍්‍රී කල්‍යාණතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා කොළඹ ජර්මන් ධර්මදූත සංගමයේ ආරාධනයෙන් ජර්මනියේ බර්ලින් විහාරයට වැඩම කළහ. 1994-1998 බර්ලින් විහාරාධිපති ධුරය හෙබවූ උන්වහන්සේ 2000 වසරේදී බර්ලින්නුවර ශ‍්‍රී සම්බෝධි විහාරය නමින් බෞද්ධ විහාරස්ථානයක් ද ආරම්භ කළහ.

උන්වහන්සේ විසින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් දිනාගන්නා ලද සාමාන්‍ය ශාස්ත‍්‍රවේදී ප‍්‍රථම පන්තියේ ගෞරව සමාර්ථය බර්ලින් විශ්වවිද්‍යාලයේ සනාථන සභාව (සෙනේට් සභාව) මඟින් උසස් ලෙස සලකා ශාස්ත‍්‍රපති උපාධියෙන් පසුව කළයුතු (ඵගඡුයසකග) හෙවත් දර්ශනපති උපාධිය නොමැතිව කෙළින්ම උන්වහන්සේට (ඡුයගෘග) උපාධිය කිරීමට අවස්ථාව ලැබීමද සුවිශේෂත්වයකි. ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ ජර්මන් බසින් ජර්මනියේ විශ්වවිද්‍යාලයක ආගම් හා දර්ශන පීඨයකින් ආචාර්ය උපාධියක් (ප‍්‍රථම පන්තියේ ගෞරව සමාර්ථයක්) (ප්ටබ් ජමප ක්මාැ) සහිතව ලබාගත් ප‍්‍රථම හා එකම භික්ෂූන් වහන්සේ වෙති. ජර්මනිය, ප‍්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, නොර්වේ, ස්වීඩනය, ස්කැන්ඩිනේවියාව බෙල්ජියම, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඔස්ටි‍්‍රයාව, රුසියාව, පෝලන්තය, හංගේරියාව, චීනය, ඉන්දියාව, කොරියාව ආදී විවිධ රටවල 54 දෙනකු ලෝක ආගම් හා දර්ශන පීඨයේ ලියාපදිංචිව ආචාර්ය උපාධි කළ අය අතරින් මෙසේ ‘‘ප්ටබ් ජමප ක්මාැ” හෙවත් ප‍්‍රථම පන්තියේ ගෞරව සමාර්ථයක් සහිතව රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ට පමණක් ආචාර්ය උපාධිය ප‍්‍රදානය කර ඇත.

රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් ජර්මන් බසින් ඉදිරිපත් කරන ලද ‘‘ශ‍්‍රී ලංකාවේ බෞද්ධ උත්සවයන්හී හා පුණ්‍යකර්මවල ප‍්‍රකටවන ඓතිහාසික හා දාර්ශනික පදනම” යන පර්යේෂණාත්මක නිබන්ධනයට මෙසේ ජාතික විශ්වවිද්‍යාලයේ ලෝක ආගම් හා දර්ශන පීඨයෙන් උන්වහන්සේ වෙත අචාර්ය උපාධිය (ඡුයගෘග) (ප්ටබ් ජමප ක්මාැ) සහිතව පිරිනමා ඇත. ජර්මනියේ ඊ්ාැබ-ඊ්ාැබ බාඩන්-බාඩන්හි පිහිටි මුද්‍රණාලයක් මඟින් උන්වහන්සේගේ පිටු 488 න් යුතු අචාර්ය උපාධි නිබන්ධනය මුද්‍රණයකොට ජර්මනියේ 200 ට අධික ජාතික විශ්වවිද්‍යාලවල පුස්තකාලවලට හා නගර සභා පුස්තකාලවලට බෙදාහැරීමට එකී මුද්‍රණාලය කටයුතු කර ඇත.

ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් පුරා වසර 25 ට අධික කාලයක් තිස්සේ සිදුකරනු ලබන විදේශීය ධර්ම ප‍්‍රචාරක කටයුතු ඇතුළු දෙස් විදෙස්හි සිදුකරනු ලබන ජාතික, ආගමික, සමාජයීය හා ශාස්ත‍්‍රීය සේවාවන් ඇගයීම පිණිස 2019 වසරේදී ශ්‍යාමෝපාලි මහාවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප‍්‍රමුඛ, සානුනායක විංසත් වර්ගික කාරක මහා සංඝ සභාව විසින් පුදන ලද ‘‘සද්ධර්ම කීර්ති ශ‍්‍රී භාෂාන්තර විශාරද ශ‍්‍රී බුද්ධරක්ෂිත ජර්මනියේ සමථ බලසම්පන්න ප‍්‍රධාන සංඝ නායක” යන සම්මානනීය පදවියෙන් ද පිදුම් ලැබූහ. ගත්කතුවරයකු වන අචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් ‘දිවයින’ පුවත්පතට හා එහි බදාදා අතිරේකයට ද ශාස්ත‍්‍රීය ලිපි ලියන ප‍්‍රවීණ ලේඛකයෙක් ද වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here