ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීමට මහනුවර මහ නගර සභාවේ අනුමැතිය කඩිනමින් රැගෙන දීමට රුපියල් 150,000.00ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත් එම නාගරික මන්ත්රීවරුන් දෙදෙනා මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 08 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ කීර්ති බණ්ඩාර රත්නායක හා මුත්තුපිල්ලේ විග්නේෂ්වරන් නැමැති නාගරික මන්ත්රීවරුන් දෙදෙනායි.
මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි පෞද්ගලික රෝහලකදී මේ අල්ලස් ලබාගෙන තිබේ.
කටුගස්තොට පාලම ආසන්නයේ ඩිජිටල් නාම පුවරුවක් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මේ අල්ලස් මුදල ඉල්ලා සිටි බවත් දිගින් දිගටම කළ කරදර කිරීම් ඉවසා ගැනීමට නොහැකිව අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පැමිණිලි කළ බවත් ශාහීම් කාදර් මහතා පවසයි.