ඉස්ලාමාබාද් හි නීතිඥයකු පැහැරගෙන දින 2කට පසු ගෙනත් දමලා

0
13

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර නන්නාඳුනන පිරිසක් නීතිඥයකු පැහැරගෙන දින දෙකකට පසු ආපසු ගෙනවිත් දැමීමේ සිද්ධියක් නිසා සාමය සහ ආරක්ෂාව කඩවීම ගැන ඉස්ලාමාබාද් ඉහළ අධිකරණය සිය අවධානය යොමු කර ඇත.

ඉකුත් සෙනසුරාදා අලුයම් කාලයේ තම නිවසේ සිටිය දී පැහැරගෙන යනු ලැබූ නීතිඥ හම්මාද් සයීඩ් දාර් තමන් මුහුණ පෑ අත්දැකීම එළිදරව් කිරීමට අධිකරණය හමුවේ පෙනී සිටියේය. ප්‍රධාන විනිසුරු ආතර් මිනල්ලා මේ නඩු විභාගය පැවැත්වූයේ හම්මාද් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් නිසාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here