
කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කිරීම බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ මේ යන ආකාරයට නම් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි බවයි.
නිශ්චිත කාලයකට රට ලොකු ඩවුන් කර වසංගතය රටින් අතු ගා දැමිය යුතු බව කී ඔහු එම කාලය සති දෙකක් ද සති හතරක් ද යන්න තීරණය කර රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මුළු රටම නිරෝධායනයට ලක් කළ යුතු බවද ඔහු පවසයි.
The post එකම විසඳුම මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කිරීමයි. appeared first on Lanka News Column.