කොචින් මංගලෝරු ස්වාභාවික ගෑස් නළ මාර්ගය විවෘත වෙයි

0
12

අගමැති මෝදි ඉකුත් සෙනසුරාදා කොචින් – මංගලෝරු ස්වාභාවික ගෑස් නළ මාර්ගය විවෘත කොට ජනතා අයිතියට පත් කළේය.

“කිලෝ මීටර් 450ක මේ මහා නළ මාර්ගය ජනතාව වෙත ලබාදීමට හැකිවීම සතුටට කරුණකි. අද ඉන්දියාවට වැදගත් දවසක්. විශේෂයෙන්ම කර්ණාටක සහ කේරළ ජනතාවට එය ඉතා වැදගත් දිනයක් යැයි අගමැති මෝදි වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

මේ ප්‍රාන්ත දෙක ගෑස් නළ මාර්ගය මඟින් එකට යාවන බවද මෝදි කීවේය. මේ නළ මාර්ගය ප්‍රාන්ත දෙකේම ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවිතය පහසු කරන අතර, සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට ද ආර්ථික සංවර්ධනයට ද හේතු වනු ඇතැයි මෝදි වැඩි දුරටත් කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here