කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් 19 වයිරසය මර්දනය වෙනුවෙන් හඳුන්වා දුන් ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව එම ඖෂධය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරයා වෙත ඒ පිළිබඳ ඊයේ (06) පස්වරුවේ දැනුවත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මේ ඖෂධය සඳහා පසුගිය දෙසැම්බර් මස 30දා රජරට විශ්වවිද්‍යාලයීය ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිවූ අතර පසුව එම ඖෂධ පැණිය කොවිඩ් ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් පරීක්ෂණයකට යොමු කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.