සංචාරක පාකිස්තාන පිලේ දෙවැනි ඉනිම සුනු විසුනු කළ වේගපන්දු යවන කයිල් ජේමින්සන් කඩුලු 6ක් දවාලමින් ක්රයිස්චර්ච් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්ත පිලට ඉනිමක හා ලකුණු 176ක ජයක් අත්කර දීමට සමත් විය. මේ ජයග්රහණයත් සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-0කින් ජය ගැනීමට ද නවසීලන්තයට හැකි විය.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල ලකුණු 297කට දවාලූ නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 659ක් රැස් කර ඉනිම අත්හිටුවූ අතර, පාකිස්තාන පිල දෙවැනි ඉනිමේදී ලකුණු 186කට දැවී ගියේය.
පාකිස්තාන පළමු ඉනිමේදි කඩුලු 5ක් උදුරා ගත් ජේමින්සන් දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් දවාලමින් තරගය පුරා කඩුලු 11කට හිමිකම් කියමින් තරගයේ වීරයා සම්මානය දිනා ගනිද්දී නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.