පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ඝාතනයට ලක් වූ පතල් කම්කරුවන් 11 දෙනාගේ මරණ සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණයක් ඉෂ්ට වනතුරු උපවාසයේ නිරත ව සිටින සිය ගණනක් වන හසාරා සුළු ජාතිකයන් පිරිස එය නතර කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රාන්ත අගනගරයේ බටහිර අතුරු මාර්ගයේ සඳුදා සිට වාඩි වී සිටින මේ පිරිස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාවරයා සමඟ සාකච්ඡා කර ඇතත් එය අසාර්ථක වී තිබේ. උපවාසය මෙහෙය වන මජ්ලිස්-ඊ-වහ්දාතුල්-මුස්ලිම් දේශපාලන සංවිධානයේ නායකයන් සහ ඇමැති ෂෙයිඩ් රෂීඩ් අතර, සාකච්ඡා පැවැති අතර අගමැති ඉම්රාන් ඛාන් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබේ.