පාසල් ඇරඹූ වහාම නිල ඇඳුම් රෙදි දෙනවා – අධ්‍යාපන ඇමැති

0
15
Author(s): 
ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

නව වසර සඳහා පාසල් නිල ඇඳුම් දීම පාසල් ආරම්භ කළ වහාම සිදු කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

දිස්ත්‍රික්ක පහ හයක මේ වන විට පාසල් නිල ඇඳුම් ලබාදී ඇති අතර පාසල් විවෘත නොකර පාසල් නිල ඇඳුම් දිය නොහැකි බවද ඇමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මතු කරන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද කරුණකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් දීම මෙතෙක් කර නොමැති බවට විපක්ෂනායකවරයා චෝදනා කළ අතර ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා සඳහන් කළේ දිස්ත්‍රික්ක පහ හයක් සඳහා මේ වන විට නිල ඇඳුම් ලබාදී අවසන් බවයි.

නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන ක්‍රමවත්ව ක්‍රියාත්මක බවත්, පාසල් ආරම්භ නොකර නිල ඇඳුම් ලබාදීම ප්‍රායෝගික නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පළමු ශ්‍රේණියේ සිට එකළොස්වැනි ශ්‍රේණිය දක්වා සියලු පෙළ පොත් මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට යොමු කර ඇති අතර, පාසල් ආරම්භ කළ වහාම, නව වසරට අවශ්‍ය පෙළ පොත් සියල්ල සිසු සිසුවියන් වෙත ලබාදෙන බවද අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here