
රට පුරා ඇති මත්ස්‍ය අලෙවිසැල් හා එළවළු අලෙවිසැල් ආශ්‍රීතව අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අද සිට ආරම්භ කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මුව ආවරණ නොපළඳින හා පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ගවලට අමතරව PCR පරීක්ෂණ ද අද සිට සිදුකරන බවයි.