රටවිරුවන්ගේ නිරෝධායනය නොමිලේ කරන්න – ක්‍රීඩා ඇමැති

0
30
Author(s): 
සුභාෂිණී සේනානායක

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේදී රජයේ නිරෝධායන මධ්‍යස්ථාන කරා ඔවුන් යොමු කර නොමිලේ නිරෝධායනය වීමට අවස්ථාව සැලසීම හෝ ඔවුන්ට තමන්ගේ නිවෙස්වලම නිරෝධායනය වීමට අවස්ථාව සැලසීම කළ යුතු බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනා කර තිබේ.

හෝටල්වල නිරෝධානය කිරීමේ ක්‍රමවේදය යටතේ මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ට විශාල මුදලක් හෝටල් සඳහා වැය කිරීමට සිදුව ඇති බැවින් මේ පියවර ගත යුතු වන බව ඒ මහතා පෙන්වාදී තිබේ.

මැදපෙරදිග හා වෙනත් රටවල සේවයට ගිය ශ්‍රමිකයන්ට එවන් මුදලක් දරාගත නොහැකි බව කියා සිටින නාමල් රාජපක්ෂ මහතා එම ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී ශ්‍රීලංකන් ගුවන් සේවයද වඩාත් සහනදායී මිලකට ගුවන් ටිකට් පත් නිකුත් කළ යුතු බවත් අවධාරණය කර තිබේ. එමෙන්ම ඔවුන් නිරෝධායනය කිරීමේදී ඒ සඳහා අසාධාරණ ලෙස ගාස්තු අය කළ හෝටල් පිළිබඳ විමර්ශනයක් කළ යුතු බවත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here