සියලු රාජ්‍ය සේවකයන් එළඹෙන සතියේ සිට සේවයට කැඳවීම සඳහා ආයතන ප්‍රධානියාට හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා දිනමිණට ඊයේ (06) පැවසීය.
ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කිරීම සඳහා සූදානම් විය යුතු බවත් ප්‍රවාහන පහසුකම් සාමාන්‍ය පරිදි තමා විසින් සපයා ගත යුතු බවත් ඒ මහතා පැවසීය.
නිවෙසට වී සිටීම මගින් කොරෝන වසංගතය පාලනය කර ගත නොහැකි බවත් එම නිසා කොරෝන සමඟ ජීවත් වීමට ජනතාව හුරු විය යුතු බවත් රත්නසිරි මහතා කීවේය.
නුවන් හෙට්ටිආරච්චි