වසර 5කට පසු කොටස් මිල දර්ශකය 7,000 සීමාව පසු කරයි

0
40
Author(s): 
මහින්ද අලුත්ගෙදර

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් එක් කරමින් වසර 5කට පමණ පසු මුල්වරට සියලු කොටස් මිල දර්ශකය 7,000 සීමාව පසු කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (06) දින ගනුදෙනු අතරවාරයේදී ඒකක 7,000 කඩඉම පසු කළ බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

පසුගිය 2015 වසරේ නොවැම්බර් 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 සීමාව පසු කරන ලද පළමු අවස්ථාව මෙය වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2010 ඔක්තෝබර් 01 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 සීමාව පසු කර තිබේ.

ඊයේ දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,036.76ක් ලෙස සටහන් වුණු අතර එය සියයට 0.83ක වර්ධනයක් වේ. මේ අතර දිනය නිමා වන විට වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 7,156.52ක් ලෙස සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here