විදේශවලින් මෙරටට ගෙන්වන ගුවන් මගීන් සංඛ්‍යාව ඉහළ නැංවූ බව යුද්ධ හමුදාපති කියයි!

0
30

මෙරටට විදේශිකයන් ගෙන්වීමේදී වාණිජ ගුවන් යානයක ගෙන්වන මගීන් සංඛ්‍යාව ඉහළ නංවන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙරටට දිනකට ගෙන්වන මගීන් සංඛ්‍යාව 50 සිට 75 දක්වා ඉහළ යනු ඇත.

දිනකට ගුවන් යානා 10ක් පමණ මෙරටට පැමිණිය හැකි අතර ඒ හරහා මගීන් 750ක් පමණ දිනකට බලාපොරොත්තු වන බව ද යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර මෙම වාණිජ ගුවන් යානා ගෙන්වීමට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම ද අඛණ්ඩව සිදු කරන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here