හමුදාවට රාජ්‍ය අායතනවලට නින්දා කරන්නන්ට පකිස්තාන නීති දැඩි වෙයි

0
19

පකිස්තාන හමුදාවට සහ රාජ්‍ය අායතනවලට නින්දා සහගත අාකාරයෙන් දොස් පවරන අයට විරුද්ධව පැය 72ක් අැතුළත ක්‍රියාමාර්ග ගන්නා බව ඒරට ස්වදේශ කටයුතු ඇමැති ශෙයික් රෂීඩ් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විද්වතකු වන ෆස්ලූර් රෙහ්මන් සිදු කර අැති ප්‍රකාශයක් සම්බන්ධව උපහාසාත්මකව ප්‍රකාශයක් සිදු කරමිනි. ෆස්ලූර් විද්වතකු සහ ගරු කළ යුතු අයකු වූවත් ඔහු ඉස්ලාම්වාදයට සහ ඉස්ලාමාබාදයට ගරු කළ යුතු යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂයේ පීඩීඒම් විසින් රාවල්පිණ්ඩි වෙත දීර්ඝ විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට අැති තීරණයට ප්‍රතිචාර වශයෙන් පැවැති මාධ්‍ය හමුවකදීය. අැමැතිවරයා ඒහිදී පකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (පීඩීඒම්) සහ ඒහි නායක ෆසල්ව විවේචනය කළ අතර, නායක බිලාවල් භූතෝ සර්දාරි, හිටපු අගමැති නවාස් ශරීෆ්ගේ ගමන් බලපත්‍ර ගැටලුව සහ මාර්ග ගත ක්‍රමය ඔස්සේ පාකිස්තාන වීසා ලබා ගැනීම් පහසුකම ගැනද ඔහු මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here