එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා අමාත්‍යාංශ මුදල් වැය කළේ නෑ

0
11

මෙරටදී ප්‍රථම වරට පැවැත්වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලි සංවිධාන කිරීමේ වගකීම පැවරී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සිදු කළේ එහි අධීක්ෂණ කටයුතු පමණක් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව දීම සඳහා සංවිධාන කළ මේ තරගාවලියට රජයේ කිසිදු මුදලක් යොදා නොගත් බව මෙහිදී අවධාරණය කළ ඇමැතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය ස්වාධීන ආයතනයක් බවත් එම ආයතනයට කිසිදු දේශපාලනික ඇඟිලි ගැසීමක් සිදු නොවන බවත් මෙහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසූ ක්‍රීඩා ඇමැතිවරයා අදාළ කොන්දේසි ප්‍රකාරව සියලු මුදල් ගෙවා ඇති බව ක්‍රිකට් ආයතනය තමාට දැනුම්දී ඇති අතර, ඉතා විනිවිද භාවයකින් යුතුව ක්‍රීඩා අමාත්‍යංශය එම කටයුතු අධීක්ෂණය කළ බව ද පැවසීය.

මේ තරගාවලිය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලාභයක් මිස කිසිදු පාඩුවක් සිදු නොවූ බව ද ඇමැතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here