එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක ජන්ම දිනය අද

0
31

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122වැනි ජන්ම දිනය අද (08) යෙදී තිබේ.

වර්ෂ 1899 ජනවාරි මස 08දා උපත ලද බණ්ඩාරනායක මහතා 1959 සැප්තැම්බර් මස 26වැනිදා සාහසිකයකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වන විට 60වැනි වියෙහි පසු විය.ලාංකික දේශපාලනයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේග මූලික කර ගනිමින් වර්ෂ 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීම⁣ට මූලිකත්වය ගත් බණ්ඩාරනායක මහතා නිදහස් ශ්‍රී ලංකාවේ සිව් වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මෙර⁣ට ජාතික දේශපාලනයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ කෘතහස්ත දේශපාලන චරිතයක් වන බණ්ඩාරනායක මහතා ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ස්වාමියා වන අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක සහ දිවංගත අනුර බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන්ගේ පියාණන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here