කොරෝනා මර්දන එන්නත් ලද විගස එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සූදානම් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා දිනමිණට ඊයේ (07) පැවසීය.
කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන එන්නත් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවද කීවේය.
මේ එන්නත ශ්‍රී ලංකාවට රැගෙන ආ විගස තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එන්නත පළමු අදියරේ දීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය.
මෙහි පළමු කණ්ඩායම ලෙස වැඩිහිටියන්, ළමුන්, විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පසුවන්නන්, සෞඛ්‍ය ක්ෂේත්රයේ ආසාදිතයන් සමඟ සෘජුවම සම්බන්ධ වන කණ්ඩායම්, වරාය ගුවන්තොටුපොළ විදුලි බලාගාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා හි නිරත වන්නන්, විදුලි බලාගාර, ප්‍රධාන කර්මාන්ත ශාලාවන්හි සේවය කරන පිරිස් යොදා ගන්නා බවද හෙතෙම පැවසීය.