ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ හිජාස් ගැන කතා කරන්න එපා – මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති

0
36
Author(s): 
ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නීතිඥ හිජාස් හිස්බුල්ලා වැනි අයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් කතා නොකරන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ඉල්ලා සිටියේය.

පාස්කු දින ප්‍රහාරයට පෙර හිජාස් හිස්බුල්ලා තුන්වරක් සහරාන් සමඟ දුරකතනයෙන් කතා කර ඇති අතර, හිජාස් හිස්බුල්ලා විවාහ වී සිටින්නේ ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ ඊජිප්තු කාන්තාවක් සමඟ බව ද ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය.

‘පර්ල් ඔෆ් යුනිටි’ නමින් පවත්වාගෙන ගිය ඔහුගේ පාසලේ දේශන පවත්වා ඇත්තේ සහරාන් බව ද එම පාසලට මුදල් ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කළ ‘කටාර් චැරිටි’ නමැති සංවිධානයක් විසින් බව ද ඇමැතිවරයා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අත්අඩංගුවේ පසුවන හිජාස් හිස්බුල්ලාට ඇප ලබා දෙන ලෙසට කිරිඇල්ල මන්ත්‍රීවරයා අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගෙන් ඉල්ලීමක් සිදු කළ අවස්ථාවේදීය.

කිසිදු චෝදනාවක් නොමැතිව හිජාස් හිස්බුල්ලා මාස නවයක් තිස්සේ අත්අඩංගුවේ පසුවන බවත් ඔහු අලුත්කඩේ අධිකරණයේ සිටි දක්ෂ නීතිඥවරයෙක් බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහුගේ තරුණ ජීවිතය පිළිබඳ සලකා ඇප ලබා දීමට කටයුතු සලස්වන්නැයි ද හෙතෙම අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here