දොම්පෙ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයකු මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (07) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ ගංජා ග්‍රෑම් 5ක් සහ අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30ක් මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයද දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටල්වලට සහ සමාජ ශාලාවලට පැමිණෙන පුද්ගලයන්ට විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයකු අතුරුගිරිය ප්‍රදේශයේ සිටින බවට පාණදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව දින ගණනාවක් තිස්සේ එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර ඊයේ අලුයම 02.30ට පමණ අතුරුගිරිය ප්‍රදේශයේදී සිවිල් පුද්ගලයා මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
නුගේගොඩ සමීර අබේසිංහ