නව ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ඉඩම් අහිමි වන අයට සාධාරණයක් ඉටු කරනවා – වාරිමාර්ග ඇමැති

0
50
Author(s): 
ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

නව ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් ලබාගැනීමේදී ඉඩම් අහිමි වන පාර්ශ්වයට සාධාරණයක් ඉටුකිරීමෙන් අනතුරුව පමණක් එම ව්‍යාපෘති ආරම්භ කරන බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා අත්කර ගත් සින්නක්කර ඉඩම් හිමියන් සඳහා වන්දි ගෙවීම ක්‍රමවත්ව සිදුකර ඇති බවත්, විහාර සන්තක ඉඩම් සඳහා වන්දි ගෙවීමේදී එම ඉඩම් භුක්ති විඳින්නන් සඳහා ගෙවනු ලබන වන්දි ප්‍රමාණවත්ව ගෙවා තිබෙනවා.

එහිදී එම මන්ත්‍රීවරිය සඳහන් කළේ කවර ව්‍යාපෘතියක් වෙනුවෙන් වුවද ඉඩම් ලබා ගැනීමේදී ඉඩම් අහිමිවන පාර්ශ්වයට ඉඩමේ තක්සේරු වටිනාකමින් සියයට 75ක් වත් ගෙවිය යුතුයි.

ඇතැම් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ලග්ගල ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවිඳින බව පෙන්වා දුන් ඇය, එම ජනතාවට ලැබෙන වියළි සලාකය බෙදාහැරීම අවිධිමත්. පසුගිය සතියේ බෙදා දුන් ටින්මාළු නරක් වී ඇති බවත්, ඒවා ආහාරයට ගත් තැනැත්තන් අසනීප වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බලන ලෙසත් ඉල්ලා සිටිනවා.

මන්ත්‍රීවරිය සඳහන් කළ කාරණා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here