පසුගිය වසරේදී රේගුව මිලියන 251ක වැටලීම් කරලා – රේගු මාධ්‍ය ප්‍රකාශක

0
15
Author(s): 
සුභාෂිණී සේනානායක

ගෙවුණු 2020 වසරේ කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 251ක වැටලීම් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා ‘දිනමිණ‘ ට (07) ඊයේ පැවසීය.

2019 වසරේදී මිලියන 141ක මත්ද්‍රව්‍ය වැටලීම් කර ඇති බව කියා සිටි ඒ මහතා 2020 වසරේ අභියෝග මැද රේගුව වැඩි මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් කර ඇති බවද කීවේය.

මේ අනුව 2020 වසරේ රුපියල් 47,280,00.00ක් වටිනා කැනබීස් කිලෝ 1ක් සහ ග්‍රෑම් 576ක්, රුපියල් ලක්ෂ 24,5000,000.00ක් වටිනා මෙතැම්පිටමින් කිලෝ 17 ග්‍රෑම් 757, රුපියල් 192,000.00ක් වටිනා හෙම්ප් ඔයිල් ග්‍රෑම් 64ක් සහ රුපියල් 240,000.00ක් වටිනා කොකේන් ග්‍රෑම් 80ක්ද මෙරට මිල නියම කර නැති කාත් නැමැති මත් කොළ කිලෝ 14,230ක්ද අත්අඩංගුවට ගත් බව කියා සිටි සුනිල් ජයරත්න මහතා මෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 251ක් බවද කියා සිටියේය.

2019 වසරේ රුපියල් 11,882,700.00ක් වටිනා කැනබීස් කිලෝ 3ක් සහ ග්‍රෑම් 960ක්, රුපියල් 40,000,000.00ක් වටිනා මෙතැම්පිටමින් කිලෝ 2 ග්‍රෑම් 904, රුපියල් 10,000,000.00ක් වටිනා හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 26ක් රුපියල් 70,000,000.00 වටිනා කොකේන් කිලෝ 6 ග්‍රෑම් 945 රුපියල් 900,000,00ක් වටිනා හසීස් කිලෝ 3 ග්‍රෑම් 49ක්ද මෙරට මිල නියම කර නැති කාත් නැමැති මත් කොළ කිලෝ 89,822ක් අත්අඩංගුවට ගත් බව කියා සිටි සුනිල් ජයරත්න මහතා මෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 141ක් බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය සමාජගත වීමට කිසිදු ඉඩක් නොතබමින් 2021 වසරේ සාර්ථක ඉලක්ක ජය ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත දියත් කර ඇති බවත් සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here