Home Local පිටරට සිරවූ ලාංකිකයන් දිනකට 750 බැගින් ගෙන්වනවා!

පිටරට සිරවූ ලාංකිකයන් දිනකට 750 බැගින් ගෙන්වනවා!

0
පිටරට සිරවූ ලාංකිකයන් දිනකට 750 බැගින් ගෙන්වනවා!

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන් හි සිරවී සිටින ශ්‍රී  ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ දමන බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘මව්බිම’ට පැවසීය.

බන්ධනාගාර කොරෝනා පොකුරේ ව්‍යාප්තිය අඩුවී ඇති හෙයින්, විදේශයන් හි සිට ගෙන්වන ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායනයවීමට ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ ලැබීමටත් මීට එක් හේතුවක් වූ බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ය.

විදේශයන් හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 500ක් පමණ දෙනා මෙරටට ගෙන්වා ගන්නා බවත්, එය දිනකට 750 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් යුද්ධ හමුදාපතිවරයා ‘මව්බිම’ට අදහස් දක්වමින් කීය.

ඒ අනුව, විදේශයන් හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බව ද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here