බඳ පටියේ සඟවා බෝගම්බරට මත්ද්‍රව්‍ය ගෙන ගිය ජේලර් අල්ලයි

0
41
Author(s): 
අසේල කුරුළුවංශ

නිල ඇඳුමේ බඳ පටිය තුළ රහසිගතව රඳවා බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට හෙරෝයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යෑමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයකු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

වසර 08ක සේවා කාලයක් ඇති මේ නිලධාරියාව බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙන බවත් එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු ග්රෑම් 03ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 03ක් හා කේරළ ගංජා තොගයක් සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින්ම නිලධාරීන්ව පරීක්ෂාවට ලක්කරන බවත් එලෙස කළ පරීක්ෂාවකදී මේ නිලධාරියා මත්ද්‍රව්‍ය සමඟ අසුවී තිබෙන බවත් ඒ මහතා කීය.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා පල්ලෙකැලේ පොලිසියට බාරදී ඇති අතර වැඩි දුර විමර්ශන පොලිසිය විසින් කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here