මත් උවදුරෙන් අනාගත පරපුර බේරාගනිමු

    0
    15

    මෙරටේ ‘අනාගත පරපුර’ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් බේරාගැනීමට බුද්ධිමත් ජනතාව පෙරට ආ යුතුමය. පටු ආකල්ප ඇතිව සුළුතරයක් වෙනුවෙන් පෙනී සිටිමින් රටේ අනාගතය අඳුරු කර ගනිමුද? මෙය අපේ රටේ නායක කාරකාදීන්ගේ අවධානයට ලක්විය යුතු ප්‍රශ්නයකි. ‘දැඩි දඬුවම්’ යනු ‘එල්ලා මැරීම’ ලෙසම අර්ථකථනය කිරීමට අපි ඉක්මන් නොවෙමු!

    එවන් චෝදනා ඔප්පු වී හිරගෙදරදී ද ‘ඊනියා ජාවාරම්’ මෙහෙයවන පිරිස් ද අද අපට අවශ්‍යව ඇත්තේ? නැතහොත් අපේ රටේ බාල පරපුර ද? මෙම ප්‍රශ්න අපි අපේ රටේ ජනපතිඳුන් වෙත ද, අගමැතිඳුන් වෙත ද නිර්භයව යොමුකර සිටිමු! බහුතර ජනතාවගේ මතය කුමක්ද? මත විමසුමක් කළහොත් ඊනියා මත්ද්‍රව්‍ය වෙනුවෙන් ‘හරි’ යයි කියන පිරිස ද? නැතහොත් ‘අපේ බාල පරපුර බේරා ගනිමු’ යන්නට ‘හරි’ යයි කියන පිරිස ද වැඩි වන්නේ?

    පටු දේශපාලන මති මතාන්තර දුරැර මත්ද්‍රව්‍ය ගෙන්වන්නන්, බෙදාහරින්නන් මැඬලීමට පියවර ගන්නැයි අපි තරයේ කියා සිටිමු! ඕනෑම හොඳ වැඩකට විරුද්ධ වන පිරිස් ඕනෑම තැනක සිටිති. අනෙක අපේ රටේ බාලපුර විනාශ කරන්නට ‘දරදිය’ අදින්නන් අපි ප්‍රතික්ෂේප කරමු! සැබෑ දෙමාපියන් මේ මතයේ සිටින බව අපගේ ඒකායන අදහසයි.

    දේශපාලනය වැරදි දෙයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තවමත් අපේ රටේ තිබීම වාසනාවකි. ජනපතිඳුනි! අගමැතිඳුනි! ඔබ දෙපල අපේ රටේ දැනට සිටින ඉහළම පෙළේ නායකයන් දෙදෙනා ලෙස අපි පිළිගනිමු! එහෙත් විපක්ෂය සංවර්ධනාත්මක විවේචනය වෙනුවට ‘හැමදේටම’ විරුද්ධ වන බවක් අපට පෙනී යයි. විපක්ෂය යනු ‘සැම දේටම විරුද්ධ වීමට සිටින පිරිසක්’ වීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට කෙසේ නම් ගැළපේද? රජය නිවැරැදි කරගෙන ඉදිරියට යාමට ඉඩ නොදී ‘බල තණ්හාවෙන්’ හැමදාම ‘ලබන පෝයට පෙර අපි රජය පෙරළනවා’ යයි වහසිබස් දෙඩීම නම් මුග්ධකමකි. කතිරයේ (X) බලය ඡන්දයේදී පෙන්වන්නට ඇති ඉඩ අපේ මැතිවරණ ක්‍රමයේ තවමත් පවතී! එය පාවිච්චියට ගෙන මිස Òකොහොමහරි පෙරළන්නට’ වලි කන පිරිස් අපේ බුද්ධිමත් පිරිසගේ අප්‍රසාදයට ලක්වනු ඇත.

    ඩික්සන් කොංගනීගේ 
    රාගම

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here