මුඛ ආවරණ නොමැති දෙදෙනෙක් කොවිඩ් ආසාදිත තත්ත්වයේ

0
30
බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල දී ඊයේ (05) දින මුඛ ආවරණ නොපැළඳ සිටි සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර නොගත් 523 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
මින්   252ක් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර එමගින්  ආසාදිතයින් දෙදෙනා හඳුනාගෙන තිබේ.
 
තවත් 271 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතය. පෙරේදා (05) දිනයේද බස්නාහිර පළාතේ ඒ ආකාරයෙන් 510 කු සම්බන්ධයෙන්  PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ද ලැබීමට නියමිතය.
 
අද (07) දිනයේද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here