සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට තීරණයක්

0
23
සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි
 
අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද(07) පාර්ලිමේන්තුවේදීය.
 
වතු රෝහල් කෙරෙහි ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බවද වතු රෝහල් දියුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් තමා කටයුතු කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
 
 පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා වතු රෝහල් සම්බන්ධයෙන් ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
 
මෙරට වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින බවත් එහෙත් හැකි පමණ වෛද්‍යවරු එම වතු රෝහල් වලට යෙදවීමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here