සිරිලකට ගුවනින් ආ එංගලන්ත පිලේ පැටිකිරිය

0
5
9 ජනවාරි, 2021

කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමඟම මුල් දිනවල අවලංගු කරන ලද ටෙස්ට් සංචාරය නැවත ආරම්භ කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ පසුගියදා (03) ශ්‍රී ලංකාවට පැමිණියහ. ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය ක්‍රීඩාව පාර්ශ්වයෙන් “දැවැන්ත තල්ලුවක්” වනු ඇතැයි ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු තබා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එංගලන්ත ක්‍රිකට් කළමනාකාර අධ්‍යක්ෂ ඇෂ්ලි ජයිල්ස්

පවසා ඇත්තේ ගාල්ලේ ක්‍රීඩා කිරීම ඉතා සුවිශේෂී අත්දැකීමක් බවයි. එසේම එය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ස්ථානයක් යැයි ද ඔහු පවසා ඇත.

පසුගිය මාස 10 අප සැමට අවිනිශ්චිත වුණා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීම ට හැකිවීම සතුටක්.

දෙකට බෙදුණු පුහුණුව

නිරෝධායන කාල සීමාව තුළ එංගලන්ත සංචිතය කණ්ඩායම් දෙකකට බෙදී පුහුණුවීම් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සිය අත්‍යවශ්‍ය මෙහෙයුම් කාර්යාලයේ සිටින අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සමඟ අඛණ්ඩව කරගෙන යෑමටත් සෙසු පිරිස් නිවසේ සිට සේවය කිරීමටත් කටයුතු කරන බව දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවකයන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුවය.

එංගලන්තය සිය ටෙස්ට් තරග දෙක සඳහා ජනවාරි 14 වන දින සිට ගාල්ල ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. පසුගිය මාර්තු මාසයේදී එංගලන්තය මෙරටින් යන විට වාර්තා වී තිබුණේ සුළු රෝගීන් ප්‍රමාණයකි. නමුත් කණ්ඩායම නැවත දිවයිනට පැමිණ ඇති අතර මේ වන විට හතළිස් පන්දහසකට අධික ආසාදිතයන් පිරිසක් ගැන මෙරටින් වාර්තාවන පසුබිමක් ගොඩනැගී තිබියදී ය.

කෙසේ නමුත් මෙවර ශ්‍රී ලංකාවේ සංචාරය කරන එංගලන්ත ක්‍රීඩකයන් අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයන් කීපදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් පහත දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here