ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ

0
35
ඊයේ (07) දිනයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 226 බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි
 
. ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 177 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
 
අද (08) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 43,001 ක් වේ.
 
ඉන් පුද්ගලයින් 36,903 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here