උතුරු කොරියාවේ පස් අවුරුදු ආර්ථික සැලැස්ම සෑම අතකින් ම අසාර්ථක වී ඇති බව එරට නායක කිම් ජොං උං පවසයි. ඔහුගේ පාලක කම්කරු පක්ෂයේ අටවන සමුළුව සමාරම්භ කරමින් ඔහු මේ බව කීය. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ අරමුණ ඇතිව උතුරු කොරියාව සිය දේශසීමා පසුගිය ජනවාරි මාසයේ සම්පූර්ණයෙන්ම වසා දැම්මේය. තම රටේ කිසිදු කොරෝනා රෝගියකු නැතැයි උතුරු කොරියාව උදම් අනයි. මේ වසා දැමීම් නිසා එරට තම සමීපතම සගයා වන චීනයෙන් ද දුරස් විණි. දෙරට අතර වෙළෙඳාම ද සියයට 80කින් පහත වැටිණි.