උපකාරක පන්ති ඇරඹීමට බැරි වීම බරපතළ අර්බුදයක්

0
38

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන් උපකාරක පන්ති ගුරුවරුන්, උපකාරක පන්ති ආයතනවල හිමිකරුවන්, සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් බරපතළ අර්බුදයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය. උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ලක්ෂ තුනකට අධික පිරිසක් දිවයින පුරා සිටින අතර උපකාරක පන්ති පැවැත්වෙන ආයතන විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් තිබෙන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. මේ අංශයට සම්බන්ධව සෘජුව හා වක්‍රව කටයුතු කරන ලක්ෂ දහයකට අධික පිරිසක් සිටින අතර මේ සියලු දෙනා කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ 2020 වසරේ ඔක්තෝම්බර් මස සිට උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීමට රජය තීරණය කළ බවද හෙතෙම කීවේය. මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රය විශාල දායකත්වයක් දක්වන හෙයින් මේ පන්ති යළි ආරම්භ කිරීමට අවස්ථාව සැලසීම රජයේ වගකීමක් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here