උපකාරක පන්ති 25 දා සිට ඇරඹීමට සැලසුම්

0
30

සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මේ මස 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) කියා සිටියේය. ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ උපකාරක පන්ති ආරම්භ කරන බවත් ඇමැතිවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට රට තුළ ව්‍යාකූල තත්ත්වයක් පවතින බවත්, ගෝලීය වශයෙන් බලපා ඇති මේ අර්බුදයෙන් මිදීම සඳහා රජය ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.

කොවිඩ් වසංගතයට වඩා දරුණු අර්බුදවලට මුහුණ දෙමින් පවා මෙරට අධ්‍යාපනය පවත්වාගෙන යෑමට අතීතයේදී සිදුවූ අතර එක්තරා වකවානුවකදි වසර දෙකක් අඛණ්ඩව මෙරට පාසල්, විශ්වවිද්‍යාල වැනි ආයතන වසා දමා තිබූ බවද ඇමැතිවරයා සිහිපත් කළේය.

උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වත්මන් රජය තීරණය කළේ පසුගිය සතියේදී වන අතර එලෙස තීරණය කිරීමෙන් පසු විපක්ෂ නායකවරයා මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ මන්දැයි ඇමැතිවරයා විමසීය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here