කැපිටල් ගොඩනැඟිල්ලේ ප්‍රචණ්ඩ සිද්ධිය ගැන වැසියෝ දැඩි නොසතුටින් බීබීසී සමීක්ෂණයකින් අනාවරණය වෙයි

0
47

අමෙරිකානු අගනුවර කැපිටල් ගොඩනැඟිල්ලේ සිදු වූ ප්‍රචණ්ඩ සිද්ධිය ගැන එරට වැසියන් අප්‍රසාදයට සහ කෝපයට පත් වී සිටින බව බීබීසී කළ සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ. මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කර ඇති කළු ජාතිකයකු වන 30 හැවිරිදි මිනසෝටා වැසියකු වන සිමොන් පීටර් පවසන්නේ මේ සිද්ධියෙන් තමන් අප්‍රසාදයට පත් වූ නමුත් පුදුමයට පත් නොවන බවයි. මෙය සිදුවන බව දැනගෙන සිටියත් එය කවදා සිදුවේදැයි විමසිලිමත් වූයේයැයි ඩිමොක්‍රැට් මතධාරී ඔහු පවසා තිබේ. ජනමත සමීක්ෂණයට අදහස් ප්‍රකාශ කළ රිපබ්ලිකන් මතධාරී 35 හැවිරිදි ටෙක්සාස් වැසියකු වන ටේලර් ගෝර්ඩන් අදහස් පළ කරමින් තමන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ බවත් එහෙත් මේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විමතියට පත් වූ බවත් ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here