කොවිඩ් ව්‍යාප්තිය පාලනයට කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලක්ෂ 488ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්

0
27

 

කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය පාලනයට ගෙනයන වැඩපිළිවෙළට සහාය වෙමින් රුපියල් ලක්ෂ 488ක් (අමෙරිකානු ඩොලර් 260,000) වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට කොරියානු රජය පියවර ගෙන තිබේ.

කොරියා – ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලට මේ උපකරණ හා සැපයුම් ලබාදී තිබෙන අතර පෞද්ගලික ආරක්ෂණ උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සැපයුම් මේ අරමුදල් යොදවා තිබෙන බව කොරියානු අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය පවසයි.

මේ උපකරණ නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාරදීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය සමඟ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හරහා කොරියානු ජනරජය සහ UNOPS ආයතනය ද එක්ව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) මේ අවස්ථාවට සහභාගි වූහ. මාතෘ හා නවජ සෞඛ්‍යය ආරක්ෂණ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ අරමුණ කොරියා – ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ නව ප්‍රසව හා නාරිවේද ගොඩනැඟිල්ල ඉදිකිරීම සහ දැනට පවතින ප්‍රධාන ගොඩනැඟිල්ල වැඩිදියුණු කිරීම වන අතර රෝහල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර එදිනම අර්ධ වශයෙන් භාර දෙන තෙක් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකාවේ ප්‍රජනන, මාතෘ සහ නවජ වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍යය සේවාවන් වෙත ප්‍රවේශය සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රමුඛතාවක් වන සෞඛ්‍ය පිළිබඳ තෙවැනි තිරසාර සංවර්ධන ඉලක්කය උදෙසා UNOPS ආයතනය සමඟ පවත්වනු ලබන දීර්ඝ කාලීන සහ විශිෂ්ටතම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් කොරියානු අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කිම් මහතා සිය කෘතඤතාව පළ කළේය. මේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මාතර දිස්ත්‍රික් මහ රෝහල විසින් දුන් අඛණ්ඩ සහයෝගය ඒ මහතා අගය කළේය.

මේ ගෝලීය වසංගතය යටතේ තම හවුල්කාර රටවලට උදව් කිරීමට කොරියානු අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය සැමවිටම කැමැත්තෙන් සිටින බවත්, මේ දුෂ්කර කාලවලදී කොරියානු රජය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.

සුධීර් මුරලිධරන්-UNOPS ආයතනනයේ ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකරු මෙහිදී පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ UNOPS ආයතනය අතර වන හවුල්කාරීත්වයේ ඇති වැදගත්කමයි. 2005 වර්ෂයේ සිට දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථාන 65ක් ඉදිකිරීම සහ අලුත්වැඩියාව මඟින් මෙරට සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් සහ ප්‍රසම්පාදනය පිළිබඳ වැදගත් ව්‍යාපෘති මාලාවක් සාර්ථක කරගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 40කට වැඩි මුදලක් යෙදවීමේ හැකියාව ලැබුණේ ද එම හවුල්කාරීත්වය හේතුවෙන් බව ඔහු සඳහන් කළේය.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here