ගාලු සටනේදී මඩුගල්ල යුක්තිය පසිඳලයි

0
11

මස 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා තරග තීරක හා විනිසුරු මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් ජගත් තරගාවලියකදී සත්කාරක රටේ තරග තීරකවරුන් සහ විනිසුරුවන් යොදා ගැනීමට අයිසීසීය විසින් තීරණය කර තිබීම හේතුවෙන් මේ තරගාවලියේදී සියලු තීරක හා විනිසුරු කටයුතු ශ්‍රී ලාංකිකයන් අතින් සිදු වේ. කොරෝනා වසංගතයට පෙර ටෙස්ට් තරගාවලියක තීරකවරයකු ලෙස යොදා ගත්තේ අදාළ රටවල් දෙකට අයත් නෙවන තරග තීරකවරයෙකි.

ඒ අනුව මේ තරගාවලියේ තීරකවරයා ලෙස ලොව ප්‍රධාන පෙලේ තරග තීරකවරයකු මෙන්ම අයිසීසී තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ල මහතා කටයතු කිරීමට නියමිතය.

මඩුගල්ල මහතා මේ වන විට ටෙස්ට් තරග 193කදී තරග තීරකවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ටෙස්ට් තරගයක තීරකවරයා ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක තරග තීරකවරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා ටෙස්ට් තරග 150ක් වෙනුවෙන් තරග තීරකවරයකු ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකයා ද වෙයි.

මේ තරගාවලියේ අතිරේක තරග තීරක ලෙස ග්‍රැම් ලැබ්රෝයි මහතා කටයුතු කරන අතර, තරගාවලියේ ප්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කරන්නේ කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරු මහත්වරුන් ය.

ටෙස්ට් තරගාවලියේ තීරක සහ විනිසුරු මඩුල්ල

තරග තීරක – රංජන් මඩුගල්ල, අතිරේක තරග තීරක – ග්‍රේම් ලැබ්‍රෝයි

පිටියේ විනිසුරුවන් – කුමාර ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, තෙවැනි විනිසුරු (රූපවාහිනි) – ලින්ඩන් හැනිබල්, සිවුවැනි විනිසුරු – රවීන්ද්‍ර විමලසිරි.

අතිරේක විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here