මුළු ලෝකයෙන්ම හෙළා දැකීමට ලක් වූ තම ආධාරකරුවන් කැපිටල් ගොඩනැඟිල්ලට කඩා වැදීමේ සිද්ධියෙන් දිනයක් ගත වෙද්දී තමන් නියමිත පරිදි තනතුරෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කීය. වර්ගවාදය සහ ප්රචණ්ඩත්වය පතුරුවන ප්රකාශ කරන බවට චෝදනා නඟමින් ට්වීටර් සමාගම ඔහුගේ ට්වීටර් ගිණුම අවලංගු කළ අතර ට්රම්ප් පසුව ඔහු කැරැලිකරුවන්ගේ ක්රියා හෙළා දකිමින් ප්රකාශයක් නිකුත් කළේය. ඔහු මේ බව ප්රකාශ කළේ නිල වශයෙන් තනතුරෙන් ඉවත්වීමට දින 13ක් තිබිය දී ඔහුට සිය තනතුරෙන් ඉවත් වන ලෙස ඉහළ ඩිමොක්රටික් නායකයන් දැනුම් දී සිටීම නිසාය. මෙවර ඔහු කළ ප්රකාශය නොවැම්බර් මැතිවරණයේ පරාජයෙන් අනතුරුව ට්රම්ප් සිය පරාජය පිළිගෙන සිදු කළ පළමු ප්රසිද්ධ ප්රකාශය ලෙස සැලකේ. මේ අතර පැය 12ක් ට්වීටර් ගිණුම තහනම් කර තිබූ ට්රම්ප්ගේ ට්වීටර් අඩවියට තහනම ඉවත් කිරීමට එම සමාගම එකඟ වී තිබේ.