පීපල්ස් ලීසිං සමාගමට සම්මාන 2ක්

0
10
9 ජනවාරි, 2021
පීපල්ස් ලීසිං සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී/සාමා­න්‍යා­ධි­කාරී ෂමින්ද්‍ර මර්සි­ලින් විසින් ‘Ten Best integrated Reports වෙනු­වෙන් පිරි­න­මන සම්මා­නය පිළි­ගත් අව­ස්ථාව

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. ඒ ‘The Potent power of a Leader’ නම් තේමාවෙන් ප්‍රකාශයට පත් කළ පීපල්ස් ලීිසිං සමාගමේ සත්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මූල්‍ය හා ලීසිං අංශය වෙනුවෙන් පිරිනමන සම්මානය හා ‘Ten Best integrated Reports’ වෙනුවෙන් පිරිනමන සම්මානයක් හිමිකරගැනීමට සමත් විය.

වසර 2020 මාර්තු මස පැතිර ගිය කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවූවත් සියලු පාර්ශ්වකරුවන්ගේ තොරතුරු අවශ්‍යතා නිසි ලෙස සපයමින් වාර්ෂික මූල්‍ය වාර්තාකරණයෙහි නිර්නායක පිළිපදිමින් වසර 2019/20 සඳහා වාර්ෂික මූල්‍ය වාර්තාව නිසි ලෙස සම්පාදනය කරගැනීමට පීපල්ස් ලීසිං සමාගම සමත්වීම විශේෂත්වයකි. මෙහෙයුම් පරිසරයේ අසීරුතාවන්ට මුහුණදීම සඳහා සමාගම සතු ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාර ආකෘතියේ කාර්යශූරත්වය හා ශක්තිමත් බව පිළිබිඹු කරමින් මෙම වාර්ෂික වාර්තාව තුළ සමාගමෙ වටිනාකම් ගොඩනැගීමේ ක්‍රියාවලිය නිරූපණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here