බානගල උපතිස්ස නාහිමිට ජපානයේදී ජන්ම ශුභාශිංසන පුණ්‍ය මහෝත්සවයක්

0
38

 

ජපානයේ ප්‍රධාන සංඝනායක ජපානයේ සවාරාහි ලංකාජි විහාරාධිපති ශ්‍රි ලංකා මහබෝධි සංගමයේ සභාපති දඹදිව සාංචි විහාරය මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහ විහාරය සහ සපුගස්කන්ද අබේසේකරාරාමය යන විහාරත්‍රයේ විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ හැත්තෑ එක්වන ජන්ම ශුභාශිංසන පුණ්‍ය මහෝත්සවය පසුගියදා (05) ජපානයේ සවාරිහි ලංකාජි විහාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජපානයේ නව ශ්‍රි ලංකා තානාපති සංජීව ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

ජපානයේ වාසය කරන භික්ෂූන් වහන්සේ ශ්‍රී ලාංකික පවුල් එරට ඉගෙනුම ලබන සිසුන් සහ ජපන් බැතිමතුන් සංවිධාන කළ මේ ජන්ම ශුභාශිංසන උත්සවයේ දි සංඝගත දක්ෂිණාවක් සහ පින්කම් රැසක් පැවැත්විණි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ තලංගල්ලෙ සෝමසිරි නාහිමි, හේනේගෙදර වීරභද්‍ර හිමි, යටවර ප්‍රඥාරාම හිමි සහ තුන්හිටියාවේ ධම්මාලෝක හිමිවරු ද එරට වසන ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ද මේ අවස්ථාවට එක් වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here