පසුගියදා අමෙරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ල ඉදිරිපිට ප්රචණ්ඩ උද්ඝෝෂණයක් අතරතුර දී මියගිය කාන්තාව වන ඈශ්ලි බැබිට් එරට ගුවන් හමුදාවේ සේවය කොට විශ්‍රාම ගිය අයකු බව අනාවරණය වී තිබේ. මියයෑමට දිනකට කලින් ඇය තමන් සහභාගී වන උද්ඝෝෂණය ගැන සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා තිබේ. “කිසිවකුට අප නතර කළ නොහැක“ යැයි ඇය ලියා තිබේ. “ඔවුන්ට ඇති තරම් උත්සාහ කළ හැකි වෙතත්, සුළි සුළඟ හමන්නේ පැය 24ක් ගතවන්නට මත්තෙනි“ යැයි ද ඇය මෙහිදී වැඩිදුරටත් ලියා ඇත. 35 හැවිරිදි බැබිට් උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස අතර සිටි බවත් ඇය එහිදී මියගිය සිව්දෙනාට අයත් බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ. ඇය ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ දෙවරක් සේවය කර ඇති ඇය කුවේටයේ සහ කටාර් රාජ්‍යයේ ජාතික ආරක්ෂක භටයකු ලෙස සේවය කර ඇතැයි හිටපු සැමියා වන තිමොති මැක්එන්ටේ එරට මාධ්‍යවලට පවසා තිබේ.