මුහුණු ආවරණ නොපැලඳි සහ දුරස්ථභාවය නොරැකි 377ක් බස්නාහිරින් අල්ලයි

0
43

220කට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ: • 157කට පීසීආර්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

 

මුහුණු ආවරණ නොපැලඳි සහ දුරස්ථභාවය නොරැකි බස්නාහිර පළාතේ පුද්ගලයන් 377ක් පෙරේදා (07) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 220කට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලයන් 03කට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර තවත් 157කට කළ පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.

මේ වන විට මුහුණු ආවරණ නොපැලඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 1960ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 1022කට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී කොවිඩ්-19 වයිරසය ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති අතර තවත් 938කගේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මුහුණු ආවරණ නොපලඳින සහ නියමිත දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අමතරව ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම දිගටම සිදුකරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද කියා සිටියේය.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here