ශ්‍රමිකයන් ගෙන්වීමේ මාෆියාවක් ඇත් නම් ඊට එරෙහිව නැඟී සිටිනවා – ඇමැති නාමල්

0
39

 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කිසියම් මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නම් ඊට එරෙහිව නැඟී සිටීමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ලෙස කිසිවිටෙකත් දෙවරක් නොසිතන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසියම් ජාවාරමක් සිදු වන්නේද නොවන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතින බවත් විදෙස්ගත පුද්ගලයන් 45,000ක් මෙරටට ගෙන්වා නොමිලේ නිරෝධායනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මැදපෙරදිග සහ පිට රට වැඩ කරන සේවකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජයේ පූර්ණ කැපවීම සහ සහාය පවතින බවත් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ලබන සතියේ සිට ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා සංඛ්‍යාව වැඩි කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

 

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here