ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්රීමතාණන්ගේ 122 වැනි ජන්ම දින සැමරුම කොළඹ ගාලුමුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අසලදී ඊයේ (08) සිදු කෙරිණි. පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අවස්ථා කිහිපයකදී සිදු කෙරුණු අතර, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත්රා බණ්ඩාරනායක මහත්මිය පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැමිණ ප්රතිමාවට පුෂ්පෝපහාර දැක්වීය. පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා ද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න