ෂෙහාන් ජයසූරිය අමෙරිකාවට

0
43

එක්දින හා විස්සයි20 ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය මින් ඉදිරියට දේශීය හෝ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි සඳහා ඉදිරිපත් නොවන බව ක්‍රිකට් ආයතනය පවසයි. සිය පවුලේ සාමාජිකයන් සමඟ ස්ථිර පදිංචිය සඳහා අමෙරිකාවට යෑමට තීරණය කර ඇති බැවින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වන බව ක්‍රිකට් ආයතනයට දන්වා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස මෙතෙක් කලක් කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්තූතිවන්ත වන බවත්, ඔහුගේ අනාගතයට සුබ පතන බවත් එම නිවේදනයේ දැක් වේ.

2015 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් තරග වරම් හිමිකරගත් 29 හැවිරිදි ජයසූරිය එක්දින තරග 12ක් සහ විස්සයි20 තරග 18කට ක්‍රීඩා කළේය. එක්දින ලකුණු 195ක්, විස්සයි20 ලකුණු 241ක් රැස්කර ඇති ඔහු එම තරග අංශ දෙකේදී කඩුලු 3 බැගින් දවාගෙන ඇත.

පළමු පෙළ තරග 80ක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 5431ක් රැස්කර ඇත්තේ ශතක 11ක් සහ අර්ධ ශතක 31ක් සමඟිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here