Mask කියන්නෙත් දැන් fashion එකක්

    0
    8

    ටුක් ටුක් ජීවිත අවුල් වගේද ? මුළු මහත් ලෝකයක් මෙන්ම අපේ පුංචි ශ්‍රි ලංකාව ද මේ වන විට විශාල ව්‍යයසනයකට මුහුණ දී ඇත්තේ ඉතා අවසනාවන්ත ලෙසයි. කොවිඩ් 19 නමැති වසංගත රෝගය මුළු මහත් ලෝකයක් මෙන් ම ශ්‍රී ලංකාවද වසාගෙන ඇත්තේ රටේ ජීවනාලිය ද  කනපිට පෙරළමිනි.  චීනය තිඹිරිගෙය කරගත් කොවිඩ් 19 වසංගතය සීග්‍රයෙන් ලොව පුරා පැතිර ගියේ මුළු ලොවම භීතියෙන් අලළවමිනි. දුප්පත් පොහොසත් භේදය නොසලකමින් ලෝකයේ සියළු රටවල් වලට සංක්‍රමණය වූ කොරෝනා එහි මුල් බැස ගනිමින් සිටින්නේ සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කරමිනි.

     කොරොනා වසංගතය ශ්‍රී  ලංකාව වෙළාගනිමින්  සිටි මුල් අවධීයේ ම සියලුම වගකිය යුතු නිලධාරින් මෙන්ම රටේ සෞඛ්‍ය අංශ රටේ ජනතාවට මෙම රෝගයේ අවධානම  හා ආදීනව පිලිබඳව නිරන්තරයෙන් දැනුවත් කිරීම් කරන ලදි. එමෙන්ම පිළිපැදිඅ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබව ඳ නිරතුරුව ම දැනුවත් කරන ලදි. නිරන්තරයෙන් දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැලඳීම ආදී ක්‍රමවේදයන් භාවිතයෙන් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ලදි. මේ අතරින් මුඛ ආවරණ පැලඳීම ප්‍රබල ආරක්ෂක ක්‍රීයාමාර්ගයක් ලෙස පෙන්වා දිය හැකි අතර මහජනතාව ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

    නමුදු කනගාටුවට කරුණක් වන්නේ රටේ යම් යම් පිරිස් මුඛ ආවරණ පැලඳීම විලාසිතාවක් පමනක් කොටගෙන තිබීමයි. තමන්ගේ ආරක්ෂාවට නොව, අන් අය පලඳින නිසාත්, නීතියේ රැහැනට අසුවේය යන බිය නිසාත්  මුහුණු ආවරණ පැලදීමට ඔවුන් යොමු වී තිබේ. අප පොලිස් නිලධාරියෙකු දුටු විට දඬුවම් ලැබීමට බියෙන් මුඛ ආවරණ පළඳින වා  වෙනුවට ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුත්තේ අපේ ආරක්ෂාව  ගැන මෙන් ම රටේ ආරාක්ෂාව ගැන ද සිතා හදවතින් ම එන හැගීමකින් යුතුව ය. තවත් සමහරෙක් යම්කිසි ගමනක් ආරම්භයේදී  මුහුණු ආවරණ පලඳින අතර අවසානයේ පැමිණෙන්නේ මුහුණේ තිබූ ආවරණය අතේ ඇතිව ය. එමෙන් ම තවත් කෙනෙක් මුඛ ආවරණ පැලඳගෙන සිටින අතර යම් පුද්ගලයෙකු හා සමීප වූ විට මුඛ ආවරණ ඉවත් කොට සංවාදයේ යේදිමට පුරුදු වී සිටිති. නමුදු අප කල යුත්තේ එය නොව ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ මුඛ ආවරණ පැලඳීමයි.

    තවත් සමහරෙක් තම මුඛ ආවරණ එක් වරක් පමනක් නොව දෙවරක් තුන්වරක් පිරිසිදු කිරීමෙන් තොරව  භාවිතා කිරිමට පුරුදු වී සිටිති. එවිට මුඛ ආවරණ පැලඳීමේ පරමාර්ථය සඵල වනවා ද ? ඒ තුලින් වන්නේ අප අපව ම රවටා ගැනීමක්  සහ කොරෝනා වසංගතයට අත වනා කතා කිරිමත්ය. වගකීම් සහගත නුවණැති  ශ්‍රී ලාං කිකයන් ලෙස අප මෙම කොරෝන වසංගතයට සාර්ථකව මුහුණ දිය යුතුය.  ඒ සඳහා අප සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් වන මුඛ ආවරණ පැලඳීම විලසිතාවක් නොකර ගත යුතු අතර එය විධිමත් ආරක්ෂක අන්දමින් පැළදීමට නුවණැති විය යුතු ය.

     ඒ සා වූ පුරුදු  තුළින් අපට ඉක්මනින්  ම කොරෝන වසංගතය අප රටෙන් තුරන් කිරිමට හැකියාව ලැබෙනු ඇත. තව ද අප භාවිතා කරන් මුඛ ආවරණ තැන් තැන් වල අවිධිමත් ලෙස විසි නොකොට ආරක්ෂිත අන්දමින් ඉවත දැමුව හොත් අපගේ රට සුරක්ෂිත වනු ඇත. ඉතින්, වගකීම් සහගත පුද්ගලයෙකු වී අපද රැකී අප  රට ද රැක ගමු.

     

      

     

     

    ජී.ආර්.පී හේමන්ති

    සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය

    ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලය

    ත්‍රිකුණාමල මණ්ඩපය

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here