බස්රථයක් ඇළකට පෙරළීමෙන් 30කට ආසන්න පිරිසක් තුවාල ලබයි

0
48
පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී බස්රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධිත ඇළකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 30කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
 
අද (09) අදෑසන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් බස්රථයක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි සදහන්වේ.  
 
අනතුරෙන් තුවාල ලැබු පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
 
පුලස්තිපුර පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here