ලංකාවට ලොකුම හෙණේ මිනිස්සුන්ගෙ බොරු පොෂ් එක

    0
    52

     

    මෙම මිහිතලයේ හුස්ම ගන්නා හුස්ම හෙළනා  ලාංකික පෘථිවිවාසීන්ට පොෂ් වීම යනු තවදුරටත් නුහුරු දෙයක් නොවන එහෙත් එය මහා ආස්වාදජනක ෆැන්ටසියක්. බොහෝ විට තරුණ පිරිස එම ෆැන්ටසියේ ගිලී සිටින අතර සමහරු සිටින්නේ කෙමෙන් ගිලීමෙන් ය. 2000න් පසු  උපන් ඔන්න මෙන්න යෞවනයෝ  ගිලී එරිලාය. ආයේ අලි කඹ දාලාවත් ගොඩගන්නවා බොරු ය.

    ඔය පොශ් වීම යන අටමගලය ලාංකිකයන්ගේ හිස් මුදුනට ගසන්නේ ගෝලියකරණයේ ප්‍රවණතාවක් ලෙසින් ය.  ගෝලි‍යකරණයට අනුව

    මුළු මහත් විශ්වයම එකම ගම්මානයක් වීමේදී විවිධ සංස්කෘතීන්ගේ විසරණය සිදුවන්නේ නිරායාසයෙනි. සංස්කෘතික විසරණය හේතුකොටගෙන උරුම වූ මහා සහ උප සංස්කෘතීන්ගේ පවතින යහපත් දෑ කුඩු පට්ටම් කර අයහපත් දෑම කෙරෙහිම ඇදෙනා බොහෝ දෙනා  හට ‘පොෂ් වීම’ යනු සරලම භාශාවෙන් කිවහොත් මාරම ආතල් එකක් ය. එහෙව් මාරම ආතල් එක අනුභව කරන්නන්ගේ අභ්‍යන්තරය පුස් බැඳිලාය. ඔවුන්ට බඩ විරේක පෙති දී හෝ ඒවා වමනය කරවනු නොහැකිය.

    සන්නිවේදන කර්තව්‍යට වචන  ගැටගසාගැනීමට තොල් පෙරලන කුඩා දරුවාගේ සිට මරණීය සංකේත පෙනෙන මහල්ලා දක්වාම වාණිජකරණයේ ඉලක්කයන්. වාණිජකරණය නිතරම සංස්කෘතින් හරහා මිනිසාට ළඟා වන අතර වාණිජකරණ පරමාර්ථයට යහපත් අයහපත් ලෙස බෙදීමක් නොමැත.  ඇත්තේ වාණිජ ලාභ ලැබීමේ අදහස පමණක් ය. මෙකී වාණිජකරණ සංකල්පය තුළ නියැලෙන්නන් ඕනෑම කුණු ගොඩක් දෝතින්ම ජනතාවට පුදන අතර එවැනි පිදුම් බොහෝමක් පිරිස භාරගන්නේ වන්දනාමාන කරමිනි. ඉතින් අපිට සමහර සංස්කෘතීන් පට්ටම මැජික් ය. බොහෝ විට අපට ඒවා මැජික් එකක් වන්නේ, අප අතර ජනප්‍රියම සංස්කෘතිය වන්නේ බටහිර යුරෝපා සංස්කෘතිය යි. ඉතින් බොහෝ විට වාණිජ පරමාර්ථ මුදුන් පත් කරගැනීමට මාන බලමින්  දඟලන   ජනමාධ්‍ය ඇතුළු සමාගම් උලුප්පන්නේම බටහිර සංස්කෘතියේ තිබෙන්නා වූ මාරම ආතල් සිද්ධීන්‍ ය. ඉතින්  ඒ ආතල් එක්කරමින්   මාධ්‍ය  මවන හැම ෆැන්ටසියකම අපි වහල්ලු වෙමු.

    මෙය අද ඊයෙක පටන් ගත් දෙයක් නොවුණත් දැන් දැන් බොහෝ දෙනා තමා තුළ සිටින තමා මරමින් වෙනත් යමෙක් ගොඩ නගති. එසේ තමා තුළ තවකෙක් ගොඩනැගිමට කාලයෙන් කාලයට රැලි ගොඩනැගෙන්නේ හතු පිපෙන්නාක් මෙනි. ඒවා සුනාමි රැළි වලටත් හපන් රැළිය.

    ජනප්‍රිය සංස්කෘතියට අනුව තම සිතුම් පැතුම්, ආහාර, ඇඳුම් පැලඳුම් සහ මානසික මෙන්ම කායික අවශ්‍යතාද පරිවර්තනය කරගැනීම එවැනි රැළි වල අවශ්‍යතාවයි. එකී රැල්ලට හසු වූ විට සම (හරක්) හට අවශ්‍ය වෙන්නෙ පට්ට පොශ් වීමටයි.

    පොශ් වීම නොහොත් පොලිෂ් වීම කුමක් සඳහාද කෙසේද යන සිතුවිල්ලෙන් මිදී සමාජයේ බහුතරය නිසියාකාරව වටහා නොගත් පොශ් කියා සලකන එහෙත්  එසේ නොවන දෑ වෙත බොහෝ පිරිස අනුගත වන්නේය. එතුළ ඇත්තේ අවශ්‍යතාවට එහා ගොස් පවතින  අනුකරණාත්මක බවකි.

    සුඛෝපභෝගී අවන්හලක් වෙත ගොස් 150 අයිස් ක්‍රීම් කා එහි වැසිකිළියේ කැඩපත ඉදිරියේ ෆොටෝ එකක් ගැනීම මාරය.

    කොහේ හෝ කැලයක ගොස් ට්‍රැවල් විත් ෆ්‍රීඩම් කැප්ෂන් යටතේ පෝස්ට් දැමීම මාරය. But, because, නැති වාක්‍ය හෙන අවුල්ය. ඔවැනි ලැයිස්තුවක්ම පවතින අතර මෙවැනි දේ සිදුකිරීමේ වරදක් නැත. නමුත් පොශ් වීමට කිරීම මහ කැතය. තම යට ඇදුමත් පොශ් විය යුතුයැයි  සලකන බහුතරය 

    හැඟීම් දැනීම් බෙදාහදා ගැනීමේ සිට වැසිකිළි අවශ්‍යතාව දක්වාම බොහෝ දේ සිදු කරන්නේ සමාජයේ  සමහරුන් පොෂ් ලෙස හඳුනාගත් ආකාරයට පොශ් වීමට දඟලමිනි.

    ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබීම,

    නීතිගරුක වීම,

    තම යුතුකම් ඉටුකිරීම,

    විශේෂයෙන්ම  හෘද සාක්ෂ්‍යට අවංක වීම හා සෘජු කශේරුකාවක් සහිතව ජීවත් වීම සෑබෑම පොෂ් කාරණාය.

    පොෂ් පාසලකට යෑම, පොෂ්  ආහාර ගැනීම, පොෂ්  සහකරුවෙක් සොයාගැනීම, පොෂ් මංගල, අවමංගල, උපන්දින උත්සව ගැනීම වැනි පොෂ් අවශ්‍යතා වෙනුවෙන් දඟලන බහුතරය පොෂ් අන්තිමට පුස් බව නොදන්නා උන් ය. පොෂ්  වීම යනු එලෙස  ප්‍රදර්ශනය සඳහා වූ යමක් නොවන බවත් පොෂ් විය යුත්තේ තම අභ්‍යන්තරය බවත් වටහා නොගන්නා තෙක් සමහරුන්ට සිදුවන්නේ  පොෂ් ෆැන්ටසියේ වහලුන් වීමටය.  අභ්‍යන්තරය පොෂ්  වන විට  මතුපිට ආයාසයකින් තොරවම පොෂ් වන බැව් පසක් වන තුරු එහෙව් ඈයන්

    හරි පව් ය.

     

      දිලී ජයකොඩි

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here