අතුරුදන් වු ඉන්දුනීසියාවේ බෝයිං මගී ගුවන් යානාව මුහුදට වැටෙයි

0
33
ශ්‍රී විජය ගුවන් සේවයට අයත් අතුරුදන්වූ බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු යානය අතුරු දන්වන විට මගීන් 62දෙනෙකු එහි ගමන් කරමින් සිටි බව සදහන්ය. 
 
යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව එය රේඩාර් පථයෙන් අතුරුදන් වී තිබුණි. 
 
යානය මුහුදට කඩාවැටී ඇති බවට පැවති නිගමන ඔස්සේ ඉන්දුනීසියානු බලධාරීන් මෙහෙයුම් ආරම්භ කළ අතර මේ වන විට යානය කඩාවැටුණු බවට විශ්වාස කෙරෙන ප්‍රදේශය හඳුනාගෙන තිබේ.
 
යානයේ සුන්බුන් හා එහි සිටී මගීන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය. ඒ සදහා නාවික කිමිදුම්කරුවන් සමඟ නෞකා 10 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට යොදවා ඇත.
 
අනතුරට පත් බෝයිං 737 වර්ගයේ යානය වසර 26ක් පැරණි බවද සදහන් වේ. 
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here