දරුවන් 10ක් මරුට
ඉන්දියාවේ රෝහලක ළදරු වාට්ටුවක ඇති වූ ගින්නකින් එක් දිනක් වයසැති ළදරුවන් ඇතුළු දරුවන් 10 දෙනෙක් මියගිය ශෝචනීය පුවතක් වාර්තාවේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භන්දාරා දිස්ත්‍රික්කයේ පිහිටි මේ රෝහල වෙත ගිනි නිවීමේ භටයින් පැමිණීමට පෙර එහි සිටි තවත් ළදරුවන් 7දෙනකු මුදා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත් වී තිබේ. මේ සිද්ධිය හද පාරන ශෝඛාන්තයක් යැයි අගමැති මෝදි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත. ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර ඒ ගැන සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමැති රාජේශ් තෝප් ප්‍රකාශ කරන්නේ විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වන්නට ඇති බවයි.