කවුරු ජනපති වුණත් අමෙරිකාව පරම සතුරායි

0
17

අපේ ප්‍රතිපත්තිවල වෙනසක් නෑ

අමෙරිකාවේ ජනාධිපතිවරයා කවුරුන් වූවත් එරට තමන්ගේ පරම සතුරන් බවත් ඒ රටට අවශ්‍ය පරිදි තම රටේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැති බවත් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් කයයි.

ඔහුගේ පාලක කම්කරු පක්ෂයේ ‍සමුළුවක් ආමන්ත්‍රණය කරමින් මේ බව ප්‍රකාශ කළේ තමන් තවදුරටත් න්‍යෂ්ටික පරීක්ෂණ පුළුල් කරන බව වැඩිදුරටත් පවසමිනි. න්‍යෂ්ටික සබ්මැරීනයක් ඉදිකිරීමේ සැලැසුම් දැනටමත් සම්පූර්ණ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කීවේය. ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත බයිඩන්ගේ ආණ්ඩුව, උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ඇති කිරීමට මේ ප්‍රකාශය හේතු වේ යැයි විචාරකයෝ පවසති. බලයෙන් ඉවත්ව යන ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි උතුරු කොරියානු වත්මන් නායකයා උණුසුම් පිළි ගැනීමක් දැක් වූ අතර තම රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන සාකච්ඡා ඇති කිරීමට එය හේතු විය. තමන්ට ‍එරෙහිව වෙනත් රාජ්‍යයක් න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ නම් හැර තමන් මුලින්ම න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ නැති බව ද කිම් වැඩි දුරටත් පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here